The 38-year-old's humanity - 38 හැවිරිදි තරුණයාගේ මනුෂකම
May 31, 2024
#humanity
#මනුෂකම
#Muslim
#water
#SRI_LANKA
#Water problem
#Corona
#Hemmathagama
#Kegalla
නියගය නිසා මාස දෙකට වැඩි කාලයක් තිස්සේ ජලය නොමැති කමින් පිඩා විදින ගම්මාන තුනක පවුල් 100 කට වැඩි පිරිසකගේ පානිය ජල අවශ්‍යතාවය වෙනුවෙන් තම ලොරි රථයේ ලීටර් 5000 කට ආසන්න ජලය පුරවාගත් ටැංකි 5 ක් දමා ගෙන එම ලොරි රථයේ රියදුරා වෙමින් දිනකට කිලෝමිටර් 15 කට වැඩි දුරක් ජලය ගමින් ගමට නොමිලේ බෙදා හරින 37 වන තරුණයෙක් අපිට අද 23 හෙම්මාතගම නගරයේදි හමුවිය.
ඔහු අපිට අහම්බෙන් මෙන් නගර මධ්‍යයේදි හමු වු අවස්ථාවේ අප රථය මග හැර යන්නට ගිය අවස්ථාවේ එය පසු පසින් ගොස් මේ ජලය ගෙන යන්නේ කොයි ගමටදැයි මා එම රථයේ රියදුරාගෙන් ඇසුවේ මෙම ජලය ටැංකි වල ජලය විශාල ප්‍රමාණයක් රැගෙන යන නිසා බොහෝ දෙනෙක් ජලය නොමැති කමින් පිඩා විදින අයුරු මා සිතට දැනුන නිසාවෙනි.
මාගේ පැනයට පිළිතුරු සැපයු ලොරි රථයේ රියදුරා මෙසේ පැවසිය. මේ පැත්තට වැස්ස නැහැ ඒ නිසා ගම්මාන තුනකට විතර දැන් බොන්න ජලය නැහැ. මට හිතුනා ඒ අයට උදව් කරන්න ඔනෑ කියලා ඒ නිසා ගමේ තරුණයන් කිහිප දෙනෙක් සමග මම මේ ටැංකි වලට ජලය පුරවාගෙන ඇවිත් දැන් දින අටක විතර කාලයක සිට මේ ජලය බෙදා හරිනවා යැයි ඔහු පැවසිය.
ඔහු සිදු කරන කටයුත්ත අද සමාජයේ ඇගයිය යුතුම කටයුත්තක් වන හෙයින් මා ඔහුගේ රථය පිටුපසින් මාගේ කාර් රථයෙන් ඔහු ජලය බෙදා හරින ගම්මාන යන දුම්බුළුවාව සහ කොටේගොඩ දෙසට යන්න වු අතර ඒ යන අතරවාරයේ සිය ගණන් ගම්වැසියන් තැනින් තැන හිස් භාජන මෙන්ම බැරල්ද අතතීව මෙම ජලය රැගෙන එන බලාපොරෝතුවෙන් රැඳි සිටින අයුරු දැක ගැනිමට හැකි විය.
සටහන ප‍්‍රවීන මාධ්‍යවේදි මාධ්‍යකීර්ති ලංකා පුත‍්‍ර සාමවිනිසුරු සමන් විජය බණ්ඩාරගෙන් 077 232 90 34
Show More Show Less #Arts & Entertainment
#Water Activities
#Boating
#Surf & Swim
#Education
#Social Issues & Advocacy
#Charity & Philanthropy
#Human Rights & Liberties
#Diving & Underwater Activities
